April 2, 2026
NewsPolitical

‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..

‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතු බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ කාලය අවසන් වූ වහාම එතුමා යනු ඇතැයිද ඇය පාර්ලිමේන්තුවේ කියා සිටියාය.

මැතිවරණ්‍යක් කැදවූ පසු ගෝ හෝම් කියන්නැයිද කී ඇය සිරිමාවෝ, ජයවර්ධන, ප්‍රේමදාස වැනි අයටත් ගෙදර පළයං කියන කියූ පලියට ගියේ නැති බවද සඳහන් කළාය.

තරුණ පිරිස් මානසික පීඩාවෙන් ගැලවෙන්නට ගාළු මුවදොරට පැමිණීම ගැන ගැන කනගාටු වන බව ද ඇය පැවසුවාය.

නමුත් මේ ඇතුළත සමහර දේවල් දිහා බලද්දි දරුවන් විකුණාගෙන කන කල්ලියක් ඇතැයි පෙනෙන බව ඇය තවදුරටත් කියා සිටියාය.

Related posts

රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලි

Shiran Viraj

විල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්

Shiran Viraj

ශ්‍රී ලංකා ආර්ථිකය යහමගට: මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනී

Shiran Viraj