February 1, 2026
BusinessBusiness NewsNews

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ.

පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් මෙම මිල නියම කිරීම සිදුකර ඇති බවයි.

පොහොර ලැබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔවුන් කියා සිටී.

එමෙන්ම පොහොර සමාගම් විසින් පොහොර ලබාදීම සිදුකරන්නේ අත්පිට මුදලට පමණක් බවද අලෙවිකරුවන් කියති.

ඒ අනුව දැනට පවතින මිල යටතේ යූරියා කිලෝ එකක මිල රුපියල් අටසීයක් පමණ වෙයි.

Related posts

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

Shiran Viraj

අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

Shiran Viraj

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Shiran Viraj