27 C
Colombo
July 27, 2025
Local NewsNews

බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…

යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 13 දෙනෙකු සහ බෝට්ටු 2 ක්  (30 ) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පලාලි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රීකුණාමලයේ තිල්ලෙයිනගර් සිට පලාලි ප්‍රදේශයට පැමිණ ඇති අතර අනතුරුව පලාලි ප්‍රදේශයෙන් බොට්ටු දෙකක් යොදාගෙන පලාලි මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැන යාමට උත්සහ දරා ඇති බවට අනාවරනය වෙයි.

අදාල පිරිස පලාලි මුහුදු මාර්ගයන් ඔස්සේ ගමන් කරමින් සිටින අතරතුර උතුරු නාවික විධානයට අයත් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසු එම පිරිස බොට්ටු දෙකක්, ඉන්ධන තොගයක්ද සමගින් නාවික හමුදා භාරයට ගෙන පසුව පලාලි පොලීසියට භාරදීමට කටයුතු යොදනු ලැබීය.

නාවික හමුදා භාරයට පත් වූ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් පිරිමි තිදෙනෙක් සහ ළමුන් 05 දෙනෙකු වන අතරම පලාලි ප්‍රදේශයේ පදිංචි බෝට්ටු හිමිකරුවන් දෙදෙනෙකුද වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අද දිනයේදී යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටද පරික්ෂණ සිදුකරන පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගිය මාර්තු 22 වනදා සිට උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් 80 කට අධික පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බවටත් එලෙස පැමිනෙන පිරිස් ආරක්ෂක අංශ වෙතට පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින ආර්ථික තත්වය අනුව තමන්ට ජීවත් වීමට නොහැකි ලෙසින් ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් මෙලෙස පැමිණි බවට ඉන්දීය මාධ්‍ය පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි.. දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..

Shiran Viraj

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට; විවාදය අගෝස්තු 5 වැනිදා

Shiran Viraj

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Shiran Viraj