28.4 C
Colombo
September 19, 2026
NewsPolitical

අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරයා විසින් ආරාධනා කරනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරන ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

රට මුහුණ දී සිටින ගොඩගැනීමට සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ඇයි මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් මෙන්ම සිවිල් සංවිධාන ද කරන ලද ඉල්ලීම සලකා බලමින් මෙම තීරණයට එළැඹෙනු ඇතැයි ද සඳහන් වේ.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතා දිගින් දිගටම පවසමින් ඇත්තේ තමන් මහජන චන්දයෙන් විනා අගමැති, ජනාධිපති ධුර බාර නොගන්නා බවයි.

Related posts

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

Shiran Viraj

සභාවල බලය පිහිටුවන්න රනිල්-සජිත් එක්වෙති…

Shiran Viraj

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ගේ විරෝධය

Shiran Viraj