28.4 C
Colombo
June 9, 2025
Local News News

සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුව තෙල් සංස්ථාව සතු තොග මේ වන විට අවසන් වෙමින් පැවතීමයි.

ඒ අනුව රෝහල් විදුලි බලාගාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඩීසල් නිකුත් කිරීමට සංස්ථාව කටයුතු කර ඇත.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග මේ වන විටත් ඉන්ධන පිරවුම් හල අසල දීර්ඝ පෝලිම් තිබුනත් ඒ බොහෝමයකට ඉන්ධන ලැබී නැතැයිද වාර්තා වෙයි.

පෙට‍්‍රල් සහ භූමිතෙල් සඳහාද දීර්ඝ පෝලිම් දැකිය හැකි අතර ප‍්‍රමාණවත් තරම් පෙට්රල් තොග පවතින බවද සංස්ථාව කියා සිටී.

නමුත් තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ තෙල් සංස්ථා ගබඩාවල ප්‍රමාණවත් තරම් ඩිසල් පවතින බවත් පැතිරෙන කට කතා ප්‍රතික්ෂේප කරන බවත් ය.

තවත් ඩීසල් තොගයක් එළඹෙන සදුදා දිනයේ මෙරටට ලැබෙන බවත් එතෙක් පවතින තොග කළමනාකාරණය කර ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හිරින බවුසර් රථ හිමියන් සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවා හැර සාමාන්‍ය බෙදා හැරීම සඳහා ඩීසල් සංස්ථාව විසින් ලබා නොදෙන බවයි.

Related posts

පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්

Shiran Viraj

අනුර ජනාධිපති වුනාම හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් ඉවත් කර දරුවන්ට බාර දෙන උත්සවයක් තියනවා..

Shiran Viraj

සඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?

Shiran Viraj