27.4 C
Colombo
July 27, 2025
Local NewsNews

සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථාන ගංවතුරට යටවෙයි…

ඊයේ දිනයේ දී සහ අද උදෑසන පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලුණු වර්ෂාව නිසා පුත්තලම සහිරා විද්‍යාල සහ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය යන විද්‍යාලවල ස්ථාපිත කර ඇති සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට ක්ෂණික ගංවතුර තත්වයක් ඇතිවිය.

මෙම තත්වය විභාග පැවැත්වීම සදහා බාධාකාරී තත්වයක් ඇතිවිය විය හැකි බැවින් ශ්‍රී ලංකා යුධ හමුදා 143 වන බල සේනාවෙහි සහ නාවික හමුදාවෙහි සහය ඇතිව විභාග දෙපාර්තමේන්තුව එක්ව එම විද්‍යාලවල ගංවතර අවදානම් විභාග මධ්‍යස්ථාන ආරක්ෂිත වෙනත් පාසැල් ගොඩනැගිලි වෙත ක්ෂණිකව මාරු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරන ලදී.

මෙම ක්ෂණික සම්බන්ධීකරණ ක්‍රියාවලිය නිසා මෙම විද්‍යාල දෙකෙහි අද දින විභාගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකි විය.

– DMC

Related posts

මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ

Shiran Viraj

සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…

Shiran Viraj

ජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..

Shiran Viraj