28 C
Colombo
June 4, 2025
Local News News

ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම සම්පත් විකිණීම හරහා මෙරටට ඉන්ධන ලබා ගැනීමේ උත්සාහයක රජය නිරතවන බවද හෙතෙම පැවසීය.

මේ වන විටත් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස් විකුණා ඩොලර් උපයා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

Related posts

දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයි

Shiran Viraj

මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…

Shiran Viraj

කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…

Shiran Viraj