24.5 C
Colombo
January 27, 2026
International NewsNews

ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන සමග ඒකාබද්ධව මෙරට මානුෂීය අවශ්‍යතා සඳහා මුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙරට ජනගහනයෙන් සියයට 22කට ආහාර අධාර අවශ්‍ය අතර පවුල්වලින් සියයට 86ක් ආහාර ගැනීම අඩුකිරීම හෝ ආහාර ගැනීම මඟහැරීම සිදු කරන බවය.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඊයේ (09) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්මක් දියත් කළ බවය.

ජුනි සිට සැප්තැම්බර් අතර කාලයේ ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත්වන ලක්ෂ 17ක් වූ ජනතාවට ක්ෂණික ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 47.2 ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටීම මෙහි අරමුණ වෙයි.

මෙරට මානුෂීය ආධාර අවශ්‍ය ජනගහණය ලක්ෂ 57ක් බවත් ඉන් මෙම ලක්ෂ 17ක පිරිස වඩාත් අවදානම් කාණ්ඩයක පසුවන අතර ඔවුන්ට ක්ෂණික ආධාර අවැසි බවද ඔවුන් පවසයි.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාර හනා සිංගර් මහත්මිය පෙන්වා දෙන්නේ දැන් දැන්ම පියවර නොගතහොත් මෙරට බොහෝ පවුල්වලට සිය මූලික ආහාර අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි වනු ඇති බවය.

කලක් ශක්තිමත්ව පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැන් අනතුරේ වැටි ඇති බවත් ජීවනෝපාය රැසක් බිඳවැටී ඇති බවත් ඇය පැවසුවාය.

හනා සිංගර් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ එළඹ ඇත්තේ දැන් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙත සිය සහයෝගය ලබාදිය යුතු කාලය බවය.

එම නිසා මෙම ආධාර සැලැස්මට කඩිනම් සහාය ලබාදෙන ලෙස එක්සත් ජාතීන්, මානුෂීය හවුල්කරුවන්ගෙන්, පෞද්ගලික අංශවලින් සහ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටී.

ජනගහනයෙන් සියයට 22කට දැනට ආහාර ආධාර අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම මෙරට පවුල්වලින් 86%ක් ආහාර ගැනීම අඩුකිරීම, ආහාර ගැනීම මඟහැරීම ඇතුළු ක්‍රියාමාර්ගවලට මේ වනවිට අවතීර්ණ වී ඇති බව නවතම සමීක්ෂණයක දත්ත ඇසුරෙන් ඔවුන් පෙන්වා දෙයි.

මැයි මස අවසන් වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 200ක තොග අවසන් වනු ඇති අතර ඉදිරි මාස 2ත් 3ත් තුළ තවත් ඖෂධ වර්ග 163ක තොග නිමාවනු ඇති බවත් ඔවුන් පවසයි.

එමෙන්ම අත්‍යවශ්‍ය ශල්‍යකර්ම උපාංග 2,724ක් සහ සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250ක තොග අවසන් බවත් එහි සඳහන්ය.

– Aruna

Related posts

ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ අපේ උවමනාවටයි..- ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිනි

Shiran Viraj

බද්ද ගෙවුවොත් ඇඟලුම් සේවකයන් ලක්ෂ 3 1/2ක රැකියා අවදානමක්…

Shiran Viraj

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Shiran Viraj