26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාම සමග එකග වී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීම සුදුසු බව ඉන්දියාව දැනුම්දී තිබේ.

ගත වූ සතියෙ මෙරට සංචාරක යෙදුනු ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිස මේ බව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවලදී දැනුම් දී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඉන්දියාවේ අදානි සමූහයට ලබාදී ඇති මන්නාරම සුලං බලාගාරය, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය, සාම්පූර් සුර්ය විදුලි බලාගාරයහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය සංවර්ධන ව්‍යාපෘතිය ආදිය කඩිනම් කළ යුතු බව ඉන්දියාව දැනුම් දී ඇත.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ඉන්ධන සඳහා තවදුරටත් ණය ලබා දීමට ඉන්දියාව පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැති බවයි.

Related posts

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

Shiran Viraj

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව අත්අඩංගුවට ගන්න නියෝගක්

Shiran Viraj

පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…

Shiran Viraj