February 2, 2026
Local NewsNews

අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..

අඩු මිල ගණන් යටතේ මෙරටට ආනයනය කරන විදේශීය සහල් වර්ග දේශීය සහල් සමග මිශ්‍ර ද කර ඉහල මිල ගණන් යටතේ අලෙවි කරමින් අනිසි ලාභ ලබන ප‍්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් ඇතුළු තවත් මෝල් හිමියන් ඇතැයි සහල් මෝල් හිමියන්ගේ සංගමය සභාපති සහ අරලිය ව්‍යාපාරය ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

රට තුල තවත් මාස තුනකට අවශ්‍ය සහල් තොග පවතින බවත් රජයේ සහතික මිලට ඒවා අලෙවි කළ හැකි බවත් හෙතෙම කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් කාබනික ගොවිතැන හේතුවෙන් රටේ වී වගාව විනාශ වූ බවට ද ඔහු චෝදනා කරයි.

රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය සතු වගකීමක් බවද පවසන ඔහු තමන් ව්‍යාපාරිකයන් ලෙස ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අදාල යුතුකම් කොටස ඉටු කර ඇතැයිද කියා සිටියි.

Related posts

සිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයි

Shiran Viraj

යුද්ධයේ මුහුණුවර වෙනස් කරන ජර්මානු තාක්ෂණය: කැරපොත්තෝත් යුධ පිටියට!

Shiran Viraj

චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ

Shiran Viraj