July 1, 2026
Local NewsNews

කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..

නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් රුපියල් තුන් කෝටි පහළොස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 1 1/2 ක් සොරා ගත් බව කියන කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු නොර්වුව් පොලීසිය සහ හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක් මගින් අත් අඩංගුවට ගෙන ඇත.

අදාළ සොරකම පසුගිය වසරේ දෙසැම්බර් මස 09 වැනි දින සිදුව තිබෙන බවත් සොරා ගත් රන් ආභරණ  අළෙවි නොකර එක් සැකකරුවෙකු පදිංචි නෝරුවුඩ් වෙන්චර් වතුයායේ  නිවසේ පිහිටි ගෙවත්තේ වළ දමා තිබී සොයා ගත් බවත් පොලීසිය පැවසිය.

අදාළ සොරකම සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් කිහිප දෙනෙකු ගෙන්ම ඇඟිලි සලකුණු ලබා ගෙන ඇති අතර ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකර තිබේ. එහිදී අදාළ ඇඟිලි සලකුණු වලට ගැලපීම මත පොලීසිය පුද්ගලයින් දෙදෙනෙකු නෝර්වුඩ් පොලිසිය මුලින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අදාළ උකස් මධ්‍යස්ථානයේ සේවය කළ පනස් හැවිරිදි කාන්තාවක් සහ තවත් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

සැකකරුවන් විසින් සොරාගෙන තිබියදී සොයා ගත් රන් අභරණ අතර රන් මාල 54 ක් රන් අරුන්ගල් 757 ක් රන් පෙන්ඩන්ට් 177 ක් රන් මුදු 404 ක් රන් ට්‍රසල්  84 ක් රන් අත්පළදනා 18 ක රන් වළලු 01 ක් රන් කැබලි 09 ක් තිබී බවත් එහි සමස්ත බර ග්‍රැම් 1484 ක් එනම්  කිලෝ 1 1/2 ක් බවත් පොලීසිය පවසයි.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය අදාළ උකස් මධ්‍යස්ථානයේ වසර 10 ක් පමණ සේවය කර තිබෙන බවත් , හිමිකරුවන්  නිවසේ නොසිටි අවස්ථාවක උකස් මධ්‍යස්ථානයට යාබද නිවසේ සේප්පුවක තිබූ රන් ආභරණ ඇය අනෙක් සැකකරුවන් තිදෙනා එක්ව සොරකම් කර නොර්වුඩ් වෙන්චර් වත්තේ පිහිටි ගෙවත්තේ වළලා තිබීයදී සොයා ගත් බව හැටන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා කීය.

අත්අඩංගැවට ගත් සැකකරුවන් සිව් දෙනා නෝර්වුඩ් ප්‍රදේශයේම පදිංචි කරුවන් බවත් සැකකරුවන් අවුරුදු 35 ත් 50 ත් අතර වයස් කාන්ඩ වල පසුවන අය බවත් එම සැකකරුවන් (01) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණ බව සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර

Shiran Viraj

GMOA වැඩ වර්ජනයකට සූදානම්

Shiran Viraj

මල්ලවපොර පුරාවෘත්තය හල්ක් හොගන් අභාවප්‍රාප්ත වෙයි: හේතුව හෘදයාබාධයක්

Shiran Viraj