February 1, 2026
BusinessBusiness NewsNews

මීලග තෙල් නැවට ගෙවන්න තෙල් සංස්ථාවට ඩොලර් නෑ…

මීළඟ ඉන්ධන නැවට ගෙවීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැති බව වාර්තා වෙයි.

ඉන්ධනවලට ගෙවීම් කිරීම සදහා ඩොලර් මිලට ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය තෙල් සංස්ථාව සතු නොවීම මීට හේතුවයි.

තෙල් සංස්ථාව විසින් දිගින් දිගටම ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වලට ණය පදනම මත ඉන්ධන ලබා දීම හේතුවෙන් රුපියල් ආදායම තෙල් සංස්ථාවට අහිමිවී තිබේ.

මේ හේතුවෙන් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 214 මුදලක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතත් භාණ්ඩාගාරය සතුව එම මුදල නොමැතිවීම හේතුවෙන් මුදල් අච්චු ගැසීමට සිදුවන බව මහ බැංකුවේ අධිපතිවරයාද සඳහන් කළේය.

Related posts

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

Shiran Viraj

පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..

Shiran Viraj

ගංවතුරෙන් මාස් කන්නයේ වී වගාවට දැවැන්ත හානි: අක්කර 274,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයි

Shiran Viraj