January 31, 2026
International NewsNews

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ වගකීමෙන් කොටසක් චීනයට පැවරෙන බව තායිවානය ප්‍රකාශ කරයි. තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ජොආන් ඕ මෙම චෝදනාව එල්ල කර ඇත.

1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ගතවූ ඉතිහාසයේ ඇති වූ පෙර නොවූ විරූ මෙම ආර්ථික අර්බුදය, චීනයේ “එක් මාවතක්-එක් තිරයක් වැඩසටහන”(BRI) නිසා නිර්මාණය වූ ණය උගුලේ ප්‍රතිඵලයක් බවද තායිවාන ප්‍රකාශිකාව පෙන්වාදී තිබේ.

එක් මාවතක්-එක් තිරයක් වැඩසටහන යනු ආසියාවේ සිය අප්‍රිකාව දක්වා කලාපවල රටවල් 70 කට ආසන්න ප්‍රමාණයක සහ අන්තර්ජාතික සංවිධානවල ආයෝජනය කිරීම සඳහා 2013 දී චීන රජය විසින් අනුගමනය කරන ලද ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපාය මාර්ගයකි. මේ අතර, ශ්‍රී ලංකාවේ සිටින තායිවාන ජාතිකයන් 60 දෙනා ආරක්ෂිත බවද පෙන්වාදී ඇති තායිවාන විදේශ අමාත්‍යාංශය, තායිවාන පුරවැසියන් සමග සම්බන්ධතා පවත්වන බවත්, උපකාර සඳහා පුද්ගලයන්ට තායිලන්තයේ සිය පිහිටි අමාත්‍යාංශයට හෝ එහි නියෝජිත කාර්යාලයට පැමිණිය හැකි බවත් පෙන්වාදී ඇත.

මේ අතර එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ප්‍රධානතම බුද්ධි සේවා දෙක වන එෆ්බීඅයි (FBI) සහ එම්15 (M15) යන සංවිධානවල ප්‍රධානීන් පෙරේදා (06දා) බ්‍රිතාන්‍යයේදී විශේෂ ජනමාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරනු ලැබුවේ, යම් ආකාරයකින් චීනය විසින් තායිවානය බලහත්කාරයෙන් අල්ලාගත හොත්, එය ඉතිහාසයේ වඩාත් බිහිසුණු ව්‍යාපාරික කඩාකප්පල් කිරීම් වලින් එකක් වනු ඇති බවයි.

– අරුණ

Related posts

ලංකාවේ අයෙක් රසදියෙන් විදුලිය උපදවයි.. තම නිවස රසදිය විදුලියෙන් දුවයි..

Shiran Viraj

නාමල් රටින් පලා යයිද…

Shiran Viraj

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අර්බුද හමුවේ ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්

Shiran Viraj