February 1, 2026
Local NewsNews

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

ගාලුමෝදර විරෝධතා ස්ථානයේත් ඒ ආසන්න ප්‍රදේශවලත් නීති විරෝධී ආකාරයට රැඳී සිටින සියළුම පුද්ගලයන් වෙත පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

අගෝස්තු 5 වන දා පස්වරු 05.00ට පෙර එහි ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළ යුතු බවට පොලිසිය දැනුම් දී තිබේ.

එම ප්‍රදේශය රජයට අයත් භූමි කොටසක් බවත් එහි අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත් කරගත යුතු බවද පොලිසිය දන්වයි.

රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ලෙස කටයුතු කරන ලෙසද දැනුම් දෙන පොලීසිය මෙම උපදෙස් වලට අනුගතව කටයුතු නොකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද දැනුම් දී තිබේ.

Related posts

ලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනා

Shiran Viraj

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…

Shiran Viraj

නොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…

Shiran Viraj