February 1, 2026
Local NewsNews

අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි.

මුලින් අරගලකරුවන් වෙනුවෙන් මුදල් අය නොකර නීතිඥයන් විශාල පිරිසක් එකවර පෙනී සිටියද ප්‍රමුඛ අද වන විට ඔවුන් නොමිලේ පෙනී සිටීම අතහැර දමා ඇත.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහ අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගන්නේ යැයි සැක සහිත අය සඳහා නීතිඥ සහාය ලබා ගැනීමේ දී නීතිඥයන් විසින් තම ගාස්තු සාමාන්‍ය පරිදි අය කරමින් සිටිති.

ඒ හේතුවෙන් ඇතැම් අරගලකරුවන් මූල්‍ය අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වී වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හැසිරීම සම්බන්ධයෙන් ද එම සංගමයේ ඇතැම් පාර්ශව විසින් ප්‍රශ්න කර තිබේ. එහි කණ්ඩායමක් විසින් සංගමයේ ලේකම්වරයාට දන්වා ඇත්තේ නීතීඥ සංගමයේ ඇතැම් සාමාජිකයන් පසුගිය දිනවල වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝණය කිරීම් කිරිමෙන් හැසිරී ඇති බවයි.

Related posts

ගංගා 09ක් ගංවතුර මට්ටමේ…

Shiran Viraj

අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ

Shiran Viraj

IMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..

Shiran Viraj