February 1, 2026
Local NewsNews

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

යාපනය කයිටස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38 ක් පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කයිටස් සහ පුංකුඩතිව් මුහුදු වෙරල ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර තොගයක් දැක පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් දැක ජාවාරම් කරුවන් විසින් කේරලගංජා මෙලෙස මුහුදට දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තබාගැනීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..

Shiran Viraj

ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…

Shiran Viraj