February 2, 2026
Local NewsNews

පොලිස් නිලධාරියෙක් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කරයි…

මන්නාරම් අධිකරණයේ පිහිටි නඩුභාණ්ඩ අතුරුදහන්වීම සමබන්ධයෙන් සිදුකරන ලද පරික්ෂණවලදී ඊට සම්බන්ධ අධිකරණයේ මුරුකරුවෙකු සහ ආරක්ෂක සේවයේ නිරත පොලිස් නිලධාරීයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම් අධිකරණයේ නඩු භාණ්ඩ කිහිපයක් අතුරුදහන්ව ඇති බවට මන්නාරම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කරන ලදි. එහිදී පොලිස් නිලධාරීන් විසින් අධිකරණ සංකීරණය හා අවට ගොඩනැගිලි පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරල ගංජා ඇතුලු නඩුභාණ්ඩ කිහිපයක් සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමතව ඇත.

අනතුරුව සිදුකරන ලද පරික්ෂණවලදී අදාල නඩුභාණ්ඩ සොරාගැනීම සමබන්ධයෙන් මන්නාරම් අධිකරණයේ ගෙට්ටු මුරකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයේ ආරක්ෂක සේවයේ වගකීම් භාරව සිටි පොලිස් නිලධාරියාද අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.

මේ පිළිබඳව මන්නාරම් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් විමසීමේදී පවසා සිටියේ ,

අදාල නඩු භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ මුරකරු අත්අඩංගුවට ගෙන ඇති බවටත් යම් හෙයකින් අදාල සොරකමට සම්බන්ධතාවයක් නැති වුවද ආරක්ෂක රාජකාරියේ වගකීමේ සිටි අදාල පොලිස් නිලධාරියාද අත්අඩංගුවට ගෙන පරික්ෂයක් පවත්වා විනයානුකූලව පියවර ගන්නා අතරම ඔවුන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..

Shiran Viraj

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

Shiran Viraj

අලි හා දුම්රිය ඒකාබද්ද කාලසටහනකට… අලුත් දුම්රිය කාලහටහන මෙන්න..

Shiran Viraj