27.2 C
Colombo
January 27, 2026
Local NewsNews

මුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..

මුදල් ඇති නැති සියලුම දෙනා රජයේ රෝහල වලින් නොමිලේ බෙහෙත් ගැනීම අසාධාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

මුදල් නැති අයට නොමිලේ බෙහෙත් ලබාදීමටත් මුදල් ඇති පුද්ගලයන්ට මුදල් ගෙවා ඖෂධ ලබා ගැනීමටත් ක්‍රමවේදයක් රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක කළ යුතු බව ද සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීයත.

මෙම ක්‍රමවේදය හරහා මෙරට සෞඛ්‍ය සේවය විධිමත්ව පවත්වා ගෙන යා හැකි බවද ඔහු සඳහන් කරයි.

ජනතාවගෙන් උපයා ගන්නා බදු මුදලින් රජය නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට උත්සාහ ගත්ත ද එය මෙතෙක් සාර්ථකව සිදු වී නැති බවත් ඉදිරියට ද සිදු නොවනු ඇති බවත් ඔහු පවසයි.

මුදල් ඇති අයත් නැති අයත් රජයේ රෝහල් වලින් නොමිලේ බෙහෙත් ලබා ගන්නවා නම් මෙය අසාධාරණ ක්‍රියාවලියක් බව ද පැවසූ ඔහු මුදල් නැති අයට පමණක් නොමිලේ ඖෂධ ගැනීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවද කියා සිටියේය.

Related posts

කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්

Shiran Viraj

රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..

Shiran Viraj

මාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..

Shiran Viraj