April 4, 2026
Local NewsNews

අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…

පුත්තලම නගර සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 260 ක ප්‍රමාණයක් සමග පුත්තලම පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා විට එම මත්ද්‍රව්‍ය තොගය අතේ තබාගෙන ගැනුම්කරු වෙන තෙක් බලා සිට ඇතැයිද පොලීසිය කියා සිටියි.

සැකකරු මීට පෙර අවස්ථා තුනක දී හෙරොයින් සම්බන්ධ නඩුවක් වෙනුවෙන් බන්ධනාගාර ගත වූ අයකු බවද පොලිසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් ඔහු වසර 14 කට ආසන්න කාලයක් සිර දඬුවම් විඳිමින් සිට ඇති බවද පොලිසියට තොරතුරු ලැබී ඇති බව ද සඳහන්ය.

Related posts

විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්

Shiran Viraj

බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්

Shiran Viraj

ශ‍්‍රී පාද මාර්ගය පොලොව පැලේ… පාර වසා දමයි..

Shiran Viraj