31.1 C
Colombo
June 9, 2025
News Political

මැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…

මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට නියමිතව තිබේ.

දැනටමත් වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු මස 19 වැනිදායින් අවසන් වෙයි.

ඒ අනුව දැනට මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන සියලු දෙනාගේ මන්ත්‍රී ධුරය ද එදිනෙන් පසු අහෝසි වෙයි.

මාර්තු මස 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් තෝරා පත් කර ගැනීමට සැලසුම් කර තිබුණද දැනට පවතින තත්වය මත මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යාමේ තත්ත්වයක් උදාවී ඇත.

ඒ අනුව මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතටත්, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතටත් පැවරීමට නියමිතව තිබේ.

Related posts

වහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි..- මහ බැංකු අධිපති දැනුම් දේ…

Shiran Viraj

ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුර

Shiran Viraj

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Shiran Viraj