April 7, 2026
International NewsNews

ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEF

මෙරට ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.

මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටදෙකකට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු වී ඇති අතර, ළමයින් ලක්ෂ තිහක් ආහාර අනාරක්ෂිතතාවය නිසා මන්ද පෝෂණය හා වෙනත් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටින බවද එම වාර්තාව පෙන්වා දෙයි.

අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය පසුගිය වසරේ පැවැතියාට වඩා මේ වසරේ ගතවූ කාලයේදී වැඩිවි ඇති බවයි.

මෙය අසීරු තත්ත්වයක් බවත් කඩිනමින් ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා මානූෂීය ආධාර ලබාදීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක යුතු බවත් යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි. පුද්ගලයන් හැටහයදහසක් පමණ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට ලක්ව ඇති බවද එම වාර්තාවේ සඳහන් ය.

මෙරට ජනගහනයෙන් ලක්ෂ පනස් තුනක් පමණ දෛනිකව ලබාගත යුතු ආහාර වේල් තුනම ලබා නොගන්නා බවද එමගින් පෙන්වා දී තිබේ. ආදායම් බෙදීයාමේ විෂමතාව හා ආර්ථික අර්බුදය වර්ධනය වීම නිසා මෙම තත්ත්වය තවත් වැඩි විය හැකි බව ද යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.

එහි සඳහන් වන ආකාරයට වයස මාස හය හා මාස පනස් නවය අතර වයසැති දරුවන්ගෙන් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණයට ගොදුරුව ඇති බවත් ඔවුන්ට වහා සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

රට තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා බිඳවැටීම, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම සහ සෞඛ්‍ය පද්ධතියේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ඉදිරියේ දී පෝෂණය ආශ්‍රිත ගැටලුවලට මුහුණ දෙන ළමයින් සහ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බවද යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාව අනාවරණය කරයි.

– Aruna

Related posts

රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයට

Shiran Viraj

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Shiran Viraj

වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..

Shiran Viraj