July 1, 2026
Local NewsNews

සුවසැරිය පවත්වාගෙන යන්න TATAගෙන් ආධාර ඉල්ලයි…

සුවසැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යෑම සඳහා ටටා ආයතනයේ සභාපතිවරයාගෙන් සහාය ඉල්ලා සිටි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

රාජගිරියේ පිහිටි සුවසැරිය ප‍්‍රධාන කාර්යාලයේදී එම සමාගමේ සභාපතිවරයා හමුවී මෙම සාකච්ඡාව සිදු කර තිබේ.

සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.

මා සහ සුවසැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය රාජගිරියේ පිහිටි සුවසැරිය මධ්‍යස්ථානයේදී TATA සමාගමේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් මහතා මුණ ගැසුණා. මෙම සුවසැරිය ගිලන් රථ සේවයට TATA සමාගමෙන් ඉහළ සහයෝගයක් ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටි අතර හමුව ඉතාමත් සුහදශීලි ලෙස පැවැත්වුණා.

මෙම අවස්ථාවට සුවසැරිය පදනමේ සභාපති, දුමින්ද්‍ර රත්නායක මහතා, සහ එහි අධ්‍යක්ෂවරුන් වන මහාචාර්ය අසිත ද සිල්වා මහතා, සන්ධ්‍යා සල්ගාදු මහත්මිය සහ විෂ් ගෝවින්දසාමි මහතා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා මහතා සහ ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය ශ්‍රීලාල් ද සිල්වා මහතා සහභාගී වුණා.

සුවසැරිය මගින් මේ වනවිට දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 1,050 ක් පමණ රෝහල්ගත කරන අතර දිනකට සාමාන්‍යයෙන් කිලෝ මීටර් 26,000 ක් පමණ ධාවනය කරනවා. දිවයින පුරාම සිටින රෝගීන් වෙත සුවසැරිය අමතා සාමාන්‍යයෙන් විනාඩි 12කට අඩු කාලයකදී පැමිණ ති⁣බෙන අතර මෙම දත්ත නිරීක්ෂණය කළ TATA සභාපතිවරයා මෙම සේවාවේ කාර්යක්ෂමතාවය පිළිබඳව ඉහළ ගෞරවයක් පුදකළා.

Related posts

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj

ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරනවා…

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම රජය සතු බවත් ආපදා සහන ප්‍රමාණවත් නොවන බවත් නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj