26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

අද දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ටෙලිකොම් ආයතන විකිනීමේ කටයුතු ඉක්මන් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන් සභාපති ධුරයෙන් ඉවත් කර ඇතැයි ඔහු අද මාධ්‍ය වෙත කියා සිටියේ ය.

මේ අතර ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන රියාස් මියුලර් මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

රොහාන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයකු ලෙස කටයුතු කරන බවද ටෙලිකොම් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී ඇත.

Related posts

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..

Shiran Viraj

අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්

Shiran Viraj

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

Shiran Viraj