February 2, 2026
Local NewsNews

ඉන්දියන් හමුදාව යලි උතුරට…?

ඉන්දීය හමුදාව යළි ශ්‍රී ලංකාවට ගෙන එන ආකාරයේ පසුබිමක් නිර්මාණය නොකරන්නැයි දෙමළ ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි.

තමන් ශ්‍රී ලංකා රජයෙන් රජයෙන් මේ බව ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ යාපනයේදී මාධ්‍ය අමතමිනි.

දහතුන්වන සංශෝධනය මූලික කරගෙන උතුර නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට යෑමේ ප්‍රතිඵල භයානක වනු ඇති බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

මෙහිදී යම් අරගලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දියන් හමුදාව යළිත් එම පලාත්වල ස්ථාපිත කිරීමට බලයක් හා අවස්ථාවක් හිමි වන බවද ඔහු කියා සිටියේය.

ඉන්දියන් හමුදා පැමිණියහොත් ඔවුන් ආපසු යැවීම පහසු නොවන බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

Related posts

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Shiran Viraj

ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා : සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයි

Shiran Viraj

නිල ආපදා මරණ සංඛ්‍යාව 400 ඉක්මවූවත් එය නිවැරදි නැහැ – අකිල විරාජ් කාරියවසම්

Shiran Viraj