February 1, 2026
Local NewsNews

ඉන්දියන් හමුදාව යලි උතුරට…?

ඉන්දීය හමුදාව යළි ශ්‍රී ලංකාවට ගෙන එන ආකාරයේ පසුබිමක් නිර්මාණය නොකරන්නැයි දෙමළ ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි.

තමන් ශ්‍රී ලංකා රජයෙන් රජයෙන් මේ බව ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ යාපනයේදී මාධ්‍ය අමතමිනි.

දහතුන්වන සංශෝධනය මූලික කරගෙන උතුර නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට යෑමේ ප්‍රතිඵල භයානක වනු ඇති බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

මෙහිදී යම් අරගලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දියන් හමුදාව යළිත් එම පලාත්වල ස්ථාපිත කිරීමට බලයක් හා අවස්ථාවක් හිමි වන බවද ඔහු කියා සිටියේය.

ඉන්දියන් හමුදා පැමිණියහොත් ඔවුන් ආපසු යැවීම පහසු නොවන බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

Related posts

අරගල කාලේ ගිය ආණ්ඩුවේ අය තමන්ම නිවාස ගිනි තියාගෙන වන්දි ගත්තා..

Shiran Viraj

රූබල් වලින් ගෙවනු.. නැතොත් ගෑස් සැපයුම නවතනවා..- රුසියාව යුරෝපයට දැනුම් දෙයි..

Shiran Viraj

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj