April 3, 2026
Local NewsNews

බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…

ඖෂධ විෂවීමේ අවස්ථා ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

ඖෂධ භාවිත කිරීමේ ක්‍රියාවලිය තුළ ඖෂධ විෂවන අවස්ථාව ද ඇති බවත් එය වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයාටගේ වරදක් නොවන බවත් හෙතෙම පැවසීය.

පේරාදෙණිය රෝහලේ දී ද මෑතකදී විෂ වූ නිර්වින්දන එන්නත තවත් බොහෝ රෝගීන්ට භාවිතා කර ඇතත් ඔවුන්ට එය විෂ වී නැති බව හෙතෙම පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රටේ ජනතාවගේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයේ දෙන බවත් ඊට අදාළ සෙසු දායකත්වයක් දෙන්නේ නිලධාරීන් විසින් බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ සෞඛ්‍යය අමතක එළි රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් ඇති විශ්වාස භංග විවාදයට එක්වෙමිනි.

Related posts

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj

දේශබන්දු වරදකරු කෙරේ..

Shiran Viraj

කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්

Shiran Viraj