28 C
Colombo
June 3, 2025
News Political

Channel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…

පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ උණුසුම් වාද විවාද ඇතිවිය.

එහිදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට අවස්ථා කිහිපයකදීම චැනල් ෆෝ නාලිකාවේ නම මාරු විය.

ඔහු චැනල් ෆෝ නාලිකාව වෙනුනට දිගින් දිගටම සඳහන් කරන ලද්දේ චැනල් අයි නාලිකාව ලෙසයි.

චැනල් අයි නාලිකාවට යුද්ධ කාලයේ පටන් රාජපක්ෂලා සමග තරහක් තිබූ බවත් චැනල් අයි නාලිකාව කොටි සංවිධානයේ ඝාතන පවා රාජපක්ෂලාගේ ගිණුමට බැර කළ බවත් ඔහු එහිදී සඳහන් කළේය.

කිහිප අවස්ථාවක්ම නම වැරදවීමෙන් පසුව සෙසු මන්ත්‍රීවරුන් එය පෙන්වා දුන් පසු සමාව ගෙන නැවත නිවැරදි  කිරීමට ද රාජ්‍ය ඇමතිවරයා  කටයුතු කලේය.

Related posts

ඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….

Shiran Viraj

වෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයි

Shiran Viraj

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

Shiran Viraj