April 6, 2026
BusinessBusiness NewsNews

රට පුරා කීරි සම්බා හිගයක්.. කිලෝ 320 සීමාවේ…

රට පුරා ප‍්‍රදේශ රැසක කීරි සම්බා සහල් හිගයක් පවතින බව වාර්තා වෙයි.

පවතින කීරි සම්බා සහල් හිගයත් සමග කීරි සම්බා සහල් තොග තබාගෙන සිටින ඇතැම් ව්‍යාපාරිකයන් කීරි සම්බා පාලන මිල වන රු 260 ඉක්මවා රු 300-325 අතර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරයි.

සහල් අලෙවි කරන වෙලෙන්දුන් කියා සිටින්නේ නාඩු , රතු සහ සම්බා සහල්ද සහල් මෝල් හිමියන් විසින් උපරිම සිල්ලර මිලට ආසන්න තොග මිලකට සහල් තොග නිකුත් කරන නිසා සහල් අලෙවියෙන් තමන්ට විශාල ලාභ ප්‍රතිශතයක් නොමැති බවයි.

සහල් මෝල් හිමියන් විසින් කීරි සම්බා කිලෝවක් රු 298-300 වැනි තොග මිලකට ඉතා සිමිත කීරි සම්බා සහල් තොග ප්‍රමාණයක් වෙලදපොලට නිකුත් කරන නිසා වෙලදපොලේ කීරි සම්බා හිගයක් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

– රංජිත් රාජපක්ෂ

Related posts

බස්නාහිර පලාත පුරා ඇදිරි නීතිය පනවයි….

Shiran Viraj

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

Shiran Viraj