28.9 C
Colombo
June 16, 2026
BusinessBusiness NewsNews

IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන වසරේ පලමු කාර්තුව තුළ බලාපොරොත්තු වන මෙරට ආදායම සපුරා ගැනීමට පවතින තත්වය තුළ නොහැකි බව රජය ඔවුන්ට දැනුම් දුන් බවත් හෙතෙම පැවසීය.

එම ආදායම සපුරා ගැනීම සදහා අයකරන බදු ප්‍රමාණය ඉහළ දැමිය යුතුබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසා ඇතත් ජනතාව මේවන විට අසීමිත බදු ප්‍රමාණයක් ගෙවන බැවින් තවදුරටත් බදු වැඩිකර නොහැකි බව රජය එම නියෝජිතයන්ට දැන්වූ බවත් අමාත්‍යවරයා කීය.

ඒ අනුව දෙවන ණය වාරිකය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එම නියෝජිතයන් කණ්ඩායම දිවයිනට පැමිණෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සුමන උදයන්ත

Related posts

ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයි

Shiran Viraj

අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..

Shiran Viraj

සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමති

Shiran Viraj