February 1, 2026
Local NewsNews

ලංකාවේ දිගම සෙල්ලිපිය කදු මුදුනෙන් හමුවෙයි…

දිඹුලාගල කදු මුදුනින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් විශාල ප්‍රමාණයෙ සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරකට අනුව සොයා බැලීමේදී එය හමු වූ බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අඩි 45 දිග අඩි 15 උස මෙම සෙල්ලිපිය මෙතෙක් මෙරටින් සොයාගත් දිගම සෙල්ලිපිය ලෙස සැලකේ.

දිබුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි කදු මුදුනේ කිලෝමීටර් 03.5ක දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ ගිය පසු එය හමුවෙයි.

ගල් දෙකක කැපුම් තල දෙකක් මත නෙළා ඇති එම සෙල්ලිපිය පර්වත ලිපි ගනයට අයත් වෙයි.

එහි නෙලා ඇති අක්ෂර පූර්ව බ්‍රාක්මීය ගණයට අයත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලය

Shiran Viraj

‘පුටින් පිස්සෙක්.. හැමෝම මරා දමාවි’ පුටින්ට එරෙහිව කොළඹ විරෝධතා…

Shiran Viraj

සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

Shiran Viraj