31.1 C
Colombo
June 9, 2025
Business Business News News

අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්

මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් නොලැබුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අද වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන අානයනයට පහසුකම් සලසන ලෙස අවස්ථා ගණනකදී ඉල්ලීම් කරනු ලද බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඒ අනුව අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළත් කිසිදු සහනයක් හිමි නොවූ බවද ඔහු පැවසීය.

වසර හතරකින් මෙරටට වාහන ආනයනය කර නැතිවීමෙන් පාරිභෝගිකයන් මෙන්ම ආනයනකරුවන්ද දැඩි දුෂ්කරතාවයට මුහුණ පා ඇතැයි ද ඔහු සදහන් කරයි.

ලක්ෂ හතරකට අධික පිරිසකට මේ හේතුවෙන් රැකියා අහිමි වී ඇති බවත් පැවසූ ඔහු අයවැයෙන් පසුව හෝ සීමා සහිත වාහන යම් ප්‍රමාණයක් හෝ ගෙන්වීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

Related posts

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

Shiran Viraj

රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..

Shiran Viraj

සායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…

Shiran Viraj