31.1 C
Colombo
June 9, 2025
News Political

ගොඩනැගිලි 14,225 නාය යෑමේ අවධානමේ

දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14225 ක් නාය යාමේ අධිඅවදානම් තත්වයේ පවතින බවට හඳුනාගෙන ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අපාදා කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

ඒ අනුව නිවාස 5000ක පමණ ජනතාව ඉවත් කර තිබේ.

නායයෑමේ අවදානම් සහිත ස්ථානවලින් පුද්ගලයින් 50000ක් පමණ ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මාතර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව එලෙස ඉවත් කර තිබේ.

නාය යාමේ තර්ජනයට ලක් වූ නිවාස 1685ක ජනතාව නැවත පදිංචි කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මිනිස් හිසක් හමු වූ සිද්ධියේ කඳ කොටස ගොඩ ගන්න පොලිසිය යයි

Shiran Viraj

ඉදුරුවෙන් දිනක් තුල ආසාදිතයන් 41ක්.. වහාම ලොක්ඩවුන් කරයි..

Shiran Viraj

පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…

Shiran Viraj