33.4 C
Colombo
April 10, 2026
NewsSportsSports News

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහු සමග කිසිදු ලබැදියාවක් නැති බවද නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනයේ කියා සිටී.

2017-2018 කාලවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිධුරය දරන ලද තිලංග සුමතිපාල මහතාගේ ආරාධනාවක් මත රංජිත් බණ්ඩාර මහතා ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඇති කිරීමේ ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීමට කොළඹ ව්‍යාපාරික හා කළමණාකාර විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කර තිබූ බවද නිවේදනය සඳහන්ය.

නමුත් ඒ වෙනුවෙන් ඔහුට පෞද්ගලික කිරීමක් කර නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

Shiran Viraj

පොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..

Shiran Viraj

පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..

Shiran Viraj