26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

ගෝටාභයගෙ කාලෙ කට වහගෙන සිටි නිසයි අද මෙහෙම වුනේ..- නාමල්

එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රට බංකොලොත් වූයේ බදු සහන නිසාවෙන් නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රට බංකොලොත් කිරීමේ වගකීම භාරගත යුත්තේ එදා යහපාලන ආණ්ඩුවේ සිටි වත්මන් සජබ ලොක්කන් සහ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් යැයි ඔහු පෙන්වා දෙයි.

2015 මැතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7% ක් බවත්, එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට භාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට බැස්සවූයේ එදා යහපාලනයේ සිටි අද සජබෙ ඉන්න අයවලුන් බවත් සහ එදා යහපාලන ආණ්ඩුවට මුක්කු ගසා සිටි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් ඔහු සිහිපත් කරයි.

2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් අතර. එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි තමන් සජබයෙන් ප්‍රශ්න කරන බවද ඒ් මහතා පවසයි

මෙහි විහිළුවට කරුණ වන්නේ වැට් බදු ඇතුළු බදු අඩුකිරීමට එරෙහිව උසාවි ගිය විද්වතුන් වගේම පක්ෂ වත්මන් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ජනතාවගේ බදු විශාල ලෙස ඉහළ දමන විට ඊට එරෙහිව බොරුවට මහ පාරේ පෙළපාළි යාම බවද රාජපක්ෂ මහතා කියා සිටී.

සමහරුන් අයවැය විවේචනය කිරීම සම්බන්ධයෙන් රිදවාගෙන ඇති බවත් ඕනෑම ආණ්ඩුවක වැරැද්දක් ඇතොත් ජනතාව වෙනුවෙන් එම වැරැද්ද පෙන්වා දීමට තමුන් පසුබට නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කාබනික පොහොර භාවිතය වැනි වැරදි තීන්දු තීරණ වලට කට වහගෙන සිටීම නිසා අද මෙවැනි තත්වයක් ඇතිවී තිබෙන බවත් එයින් පාඩමක් ඉගෙන ගෙන ඇති බවත් එම නිසා අයවැය විතරක් නොව ඕනෑම ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීමට හා පෙන්වා දීමට පසුබට නොවන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

– Repoter

Related posts

අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයි

Shiran Viraj

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

Shiran Viraj

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Shiran Viraj