February 1, 2026
Local NewsNews

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

මාස හය සිට අවුරුදු තුනක් දක්වා වන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ඇතුළු අතිරේක ආහාර සඳහා වන ඇෆ්ලටොක්සින් මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

පවතින නීතිවලට අනුව නියම කර ඇති ඇෆ්ලටොක්සින් සඳහා වන දැඩි කඩයිම් සීමා මට්ටම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු සොයා ගැනීම දුෂ්කර වීම මත මෙම පියවර ගෙව ඇත.

එනිසා ජාත්‍යන්තර පිළිගත් පරිදි අතිරේක ආහාරවල පවතින ඇෆ්ලටොක්සින් මට්ටම b1 වර්ගය සඳහා 5ppb මට්ටම සහ කඩයිම් මට්ටම් 10ppb අදාල කර ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය  ලැබී  ඇත.

Related posts

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Shiran Viraj

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….

Shiran Viraj

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්න

Shiran Viraj