31.1 C
Colombo
June 9, 2025
News Sports Sports News

මෙවර ලෝක කුසලානය ගේන්න බැරිවුනේ ලෙජන්ඩ් නාකියා නිසා..- ෂම්මි

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසගේ බලපෑම හේතු වූ බව ක්‍රිකට් ආයතන සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන්ඩ් තමන් යයි සිතාගෙන සිටින නාකි අයෙකු විසින් ද මෙම මේ සඳහා මැදිහත් වූ බවද ඔහු කියා සිටියි.

එම නාකි ලෙජන්ඩ්ට වුවමනා වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළට රිංගා එහි සියල්ල කා දැමීම බවටත් ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් නැවත කිසිදිනක ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවට එම ලෙජන්ඩ් කැමති නැති බව ඔහු කියා සිටී.

මෙවර ලෝක කුසලාන සංචිතයට දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග නම් කර යැවුවද අමාත්‍යාංශයෙන් එයට අනුමැතිය නොදුන් බවත් මෙම ලෙජන්ඩ් ඒ සඳහා දැඩිව බලපෑම් කර තිබූ බවත් ඔහු චෝදනා කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරව ලදී.

Related posts

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj

ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..

Shiran Viraj

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Shiran Viraj