25.7 C
Colombo
July 25, 2025
Local NewsNews

වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට පවරාදීමට සියලු පියවර ගෙන ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව 1985 වසර හෝ ඊට පෙර සිටම භුක්ති විඳින ලද ඉඩම් වන සංරක්ෂණයට අයත් කැළෑ හෝ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ ලෙස මේ වන විට ගැසට් කර තිබුනද ඉදිරියේදී අදාළ ප්‍රදේශවල සිටි පිරිසට එය පවරාදීමට නියමිත බවද අමාත්‍යවරිය පැවසුවාය.

මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති නමුත් කාලයක සිට එම ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින ඉඩම් ඔවුන්ට පවරාදීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරිය පැවසුවේ බලංගොඩ රජවක රක්ෂිතය ඇතුලු ප්‍රදේශවල හා රත්නපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල කාලයක් තිස්සේ එම ජනතාව භුක්තිවිදින ලද ඉඩම් පවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැසට් කර ඇති බවත්, නැවත මිනුම් අභ්‍යාසයකින් අනතුරුව ඒවායේ සීමා මායිම් ලකුණු කර අදාළ භුක්ති විඳින ලබන ප්‍රදේශ එම ජනතාවට නැවත පවරා දෙන බවත්ය.

ඉන් අනතුරුව කිසිවකුට අල්ලාගත නොහැකි වන පරිදි නිවැරදි ලෙස සළකුණු කරන ලද රක්ෂිත මායිම් ගැසට් කරන බවත්, ඒවා ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, වන වියන ආරක්ෂා කරගනිමින් 32%ක් දක්වා මෙරට වන ගහණය වැඩි කිරීමට තමන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරිය පැවසුවාය.

මෙම සාකච්ඡාවේදී වන සංරක්ෂණ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුක්තව එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් මෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන්ද අවශ්‍ය වුවහොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඇතුළු සහභාගීත්වයෙන් ඒකාබද්ධව සංගණන හා ඉඩම් පරිහරණ රටාව හඳුනාගැනීමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ඉදිරි දිනවලදී සිදුකිරීමට සැලසුම් කෙරිනි.

එමෙන්ම ඔවුන් විසින් ලබාදෙන දත්ත අනුව නිවැරදි සීමා මායිම් සහිතව සිතියම් ගතකිරීමටද එහිදී සාකච්ඡා කෙරිනි.

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පිරිසට ඉඩම් පවරාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර එහි මුල්ම අදියර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.

එම සීමා සළකුණු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ ඉතාම ප්‍රවේසම් සහගතව එය සිදුකරන ලෙසත් සංවේදී කලාපවලට කිසිදු හානියක් සිදු නොවන ලෙස අදාළ සිතියම්ගත කිරීම සිදු කරන ලෙසත්ය.

– Media unit

Related posts

එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්

Shiran Viraj

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

Shiran Viraj

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 800ක් එකවර ඉවතට.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටීම අසලටම..

Shiran Viraj