April 7, 2026
Local NewsNews

සා.පෙල මුල් තැන සමාධිට…

අද නිකුත් කෙරුනු 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කොටුවේ ගෙදර සමාධි අනුරාධා රණවක සිසුවිය හිමි කර ගත්තාය.

විදුහලට ඉමහත් කීර්තියක් අත්කර දුන් සමාධි පිළිගැනීම් උත්සවයක් අද විදුහලේ දි පැවැත්වු අතර විදුහල්පතිනි ශසිකලා සේනාධීර මහත්මිය ඇතුලු ආචාර මණ්ඩලය විසින් මෙම පිළිගැනීම සංවිධාන කොට තිබිණී.

දිවයිනේ පළමු ස්ථානයට පත් සමාධි දියණිය සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ බාලයාය.

නිවරදි ඉලක්කයක් අනුව උද්යෝගයෙන් යුතුව ක්‍රියා කළ නිසා තමන්ට මෙම ජයග්‍රහණය හිමිවූ බවත් අධ්‍යාපන කටයුතු අතපසු නොකර අප්‍රමාදව සිදු කළ බවත් පවසන ඇය අනාගතයේ වෛද්‍යවරියක වීම සිය අපේක්ෂාව යැයි ද පවසයි

– ජයරත්න ඉඳුරුවගේ

Related posts

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Shiran Viraj

කළුතර තත්ත්වය අන්තිමයි – පීසීආර් ප්‍රතිඵල එන්නෙ සතියකින්

Shiran Viraj

ඩොලර් නෑ.. ගවයන්ද බඩගින්නේ.. කිරි නිෂ්පාදනයද පහල බසී…

Shiran Viraj