February 1, 2026
NewsSportsSports News

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තහනම ඉවතට.. ලොව කළඹන සිංහ පැටවු යලි පිටියට…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරු දිනෙක දී ඉවත් කෙරෙනු ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තමන් මෙම ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කරගත් බව ද හෙතෙම පැවසීය.

2024 අයවැය යෝජනාවලියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ දී අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

“මට ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් ICCයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් නොබෝ දිනකින් අපේ තහනම ඉවත්කරන බවත් දුරකථනයෙන් කළ සංවාදයකදී ප්‍රකාශයක් කළා. ඔවුන් සඳහා ලිපිය ලබාදෙන්න ඕන. මම හිතනවා මේ සතිය තුළ එයත් ලබාගැනීමේ හැකියාව අපිට තියෙයි. ශම්මි සිල්වාට එරෙහිව තියෙන හැම චෝදනාවක් ම ඒ වෙලාවේම මම ICCයට ඉදිරිපත් කරනවා. ICCයේ තමයි සල්ලි . ලංකාවේ රජයේ සල්ලි නෙමෙයි. ඒ නිසා අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා . හැබැයි අපි ගෙනාපු නීතියක් මේ රටේ තියෙනවා. ඒක තමයි දූෂණ මර්ධන නීතිය’

Related posts

විධායකය හා පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කරයි..අලූත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි..

Shiran Viraj

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

Shiran Viraj

රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…

Shiran Viraj