31.1 C
Colombo
June 9, 2025
Business Business News News

IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බව එම වාර්තාව සදහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමෙන් පසුව එම මුදල ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

දෙවැනි වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයක් ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ලබන 12 වැනි දා රැස්වීමට නියමිතයි.

ඊට අදාළ කොන්දේසි සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳ එහි නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙරටට ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 300ක.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

දියේ ගිලි හිමිනමක් අපවත් වෙයි

Shiran Viraj

පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..

Shiran Viraj

අයිස් මිල ඉහළට

Shiran Viraj