26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

ගොදුරක් ගිල දැමු පිඹුරෙකු ජනපදයක් අසලට පැමිණිම හේතුවෙන් එම ජන පදයේ පදිංචිකරුවන් භීතියට පත් වි ඇත.

හැටන් පොලිස් වසමට අයත් කුඩාගම විනායගම්පුරම් ජනපදයේ නිවසක් අසලට (15) දින රාත්‍රියේ පැමිණ ඇති පිඹුරා එම නිවසේ දොර අසල රැදි සිටි බවත්, (16) දින අළුයම වන විට නිවස පිටුපස තිබු පුටුවක් යට තුල සිටින බවයි එම නිවසේ පදිංචිකරුවන් කියා සිටින්නේ.

නිවස අසල රැදි සිටින පිඹුරාට ඉදිරියට ඇදි යාමට නොහැකිව සිටිම නිසා (15) දින රාත්‍රියේ සිටම පිඹුරා නිවස අසල රැදි සිටින බවද එම නිවසේ පදිංචිකරුවන් කියා සිටියි.

අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ගොදුරු ගිල දමා ඇති පිඹුරා දින කිහිපයක් ඒ අසලම රැදි සිට පසුව රක්ෂිතයට ඇදි යන බවයි.

නිවස අසල රැදි සිටින පිඹුරා ඉන් ඉවත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

කොරෝනා රෝගීන් රෝහල්වල පිරී ඉතිරේ.. ආසාදිතයන් නිවසේ සිට ප‍්‍රතිකාර ක‍්‍රමයකට යෝජනා.. වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්..

Shiran Viraj

ශ්‍රී ලංකා ආර්ථිකය යහමගට: මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනී

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj