31.1 C
Colombo
June 9, 2025
News Political

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

නව සන්ධානයේ මංගල මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව රාජගිරිය පක්ෂ මූලස්ථානය පවසයි.

නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් එම සන්ධානයේ මෙහෙයුම් නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා,අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්,පියංකර ජයරත්න සහ නිමල් ලන්සා යන මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සදහා එක්වීමට නියමිතව තිබේ.

මීට සමගාමීව නව සන්ධානය එලි දැක්වීමේ කටයුතුද මේ මස අවසන් වීමට ප්‍රථම අවසන් කිරීමට නිමල් ලන්සා මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටිති.

මේ දිනවල එම නව සන්ධානය සෙසු පක්ෂ සමග එක්වීමට අදාල නීතිමය කටයුතු සහ නව සන්ධාන ව්‍යවස්ථාවේ කටයුතු සිදුකරමින් තිබේ.

එම කටයුතු ඉදිරි සති දෙක තුල අවසන් කර ගැනීමෙන් පසු නව සන්ධානය එලි දැකීම සිදුවන අතර ඒ අනුව ඉදිරි කාලය තුල එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට නව සන්ධානය කටයුතු සූදානම් කර තිබේ.

දැනට විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ස්වාධීන මන්ත්‍රීවරුන් 71 කට ආසන්න ප්‍රමාණයක් සහ ප්‍රධාන දේශපාලන පක්ශ ගණනාවක් තිබේ.

ඉන් බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් සහ වැඩි පක්ෂ ප්‍රමාණයක් දැනට සිටින්නේ නව සන්ධානය සමග බවද පක්ෂ කාර්‍යාලය පවසයි. ඒ අතරට මුස්ලිම් සහ දෙමල පක්ෂ ගණනාවක් සිටී.

මේ අතර නව සන්ධානයේ කටයුතු සදහා සහාය දීමට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එහෙත් ජාතික දේශපාලනයේදී තීරණාත්මක සාධක වන පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක් ද මේ දිනවල සාකච්ඡා පවත්වමින් තිබේ.එවැනි සාකච්ඡාක් පසුගියදා රාජගිරිය පක්ශ මූලස්ථානයේදී අනුර යාපා මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.එවැනි පක්ෂ සහ කණ්ඩායම් 20ක් නියොජනය කරමින් එහි විධායක සභිකයින් 100 කට ආසන්න පිරිසක් මේ සදහා එක්ව සිටියහ.ඒ අතරට ජාතික ජනතා පෙරමුණ,දමිළ ජනතා ප්‍රගතිශීලී පක්ෂය,මව්බිම සංවර්ධන පෙරමුණ,ශ්‍රී ලංකා එක්සත් පෙරමුණ,මඩකලපුව මහජන සංගමය,පොදුජන එක්සත් දේශීය පක්ශය,මුලතිව් සිවිල් ක්‍රියාකාරී සංගමය ඇතුළු කණ්ඩායම් එක්වුහ.

මෙම පිරිස් එක හෙලාම ඉල්ලා සිටියේ රාජපක්ෂ කදවුර සමග කටයුතු කරන්නේ නම් ඔවුන් තවදුරටත් නව සන්ධානයට සහාය නොදෙන බවයි.එම විශ්වාසය ආරක්ෂා කිරීමට හැකිදැයි ඔවුන් අනුර යාපා මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කලේය.

“ඔබතුමාල අපි ගැන විශ්වාසය තියන්න,අපේ කණ්ඩායමේ කිසිවෙක් ආයෙත් නමක් දිනවන්න වැඩ කරන්නෙ නෑ,අපි දිනවන්නෙ වැඩපිලිවෙලක්”අනුර කීවේය.

මේ අතර නව සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක් පියංකර ජයරත්න මන්ත්‍රීවරයාගේ ආණමඩුව පිහිටි නිවසේදී පැවත්වුනේ අනුර යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.මේ සදහා ආණමඩුව ආසනයේ කලාප නියෝජිතයින් සහ පලාත් පාලන නියෝජිතයින් පිරිසක් මෙන්ම පාක්ශිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

මෙහිදී පියංකර ජයරත්න මන්ත්‍රීවරයා පිරිස අමත්මින් කීවේ තමන් යලි කිසිදා රාජපක්ෂ නමක් ගෑවුණු තැනක දේශපාලනය නොකරන බවය.එවිට පැමිණි සිටි පිරිස මහ හයියෙන් අත්පොලසන් දෙන්නට පටන් ගත්තේ ඔහුට දිරියක් වශයෙනි.පැමිනි පිරිසට දිවා ආහරය සූදානම් කලේ ද මන්ත්‍රීවරයාගේ නිවසේය.

ඒ සදහා දේශීය ආහාර වේලක් සුදානම් කර තිබූ අතර මන්තිවරයාගේ බිරිද අතින් එම ආහාර සකසා තිබීමද කාගේත් කතාබහට ලක්වූහ

– Repoter

Related posts

සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

Shiran Viraj

මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්

Shiran Viraj