April 10, 2026
Local NewsNews

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.

පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලැබේ.

2024 වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. (උසස් පෙළ ද ඇතුළු ව) සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

එසේ ම 2023 වර්ෂයේ පන්තිවලට අදාළ ව සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පාසල් වෙත හෝ යොමු කිරීම සිදු නොකරන ලෙස දන්වන අතර පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු නොලබන බව ද දන්වා සිටිමු.

– මාධ්‍ය ඒකකය

Related posts

ජනපතිගෙන් රේගුවට රතු එළියක්

Shiran Viraj

ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

Shiran Viraj

මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

Shiran Viraj