April 6, 2026
Local NewsNews

කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලෙන් ගොඩගත් ඇටසැකිලි 1994 සහ 1996 අතර අවුරුදුවලට අයත් විය හැකියැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ්සෝම දේව මහතාගේ වාර්ථා වී ඇති බව නීතික්ඥ වී.කේ නිරන්ජන් මහතා පැවසීය.

නීතිඥවරයා මේ බව පවසා සිටියේ කොක්කුතුඩුවායි සමූහ මිනිස්වල සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකොට ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී සඹූහ මිණීවලෙන් ගොඩගත් ඇටසැකිලි පිළිබඳව පූර්ණ වාර්ථාවක් පුරාවිද්‍ය නිලධාරීන් විසින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මුලතිව් මහෙස්ත්‍රාත් ටී.ප්‍රදීපන් මහතා වෙතට පුරාවිද්‍යා නිලධාරීන් විසින් සමූහ මිණීවලේ ගොඩගත් ඇටසැකිලි පිළිබඳ වූ වාර්ථාව ඉදිරිපත් කොට සිටි අතර ඒම වාර්ථාවේ කරුණු සැලකිල්ලට ගනිමින් ඒම නඩුව මාර්තු මස 04 වනදාට කල් තැබීමට මහස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.

නීතිඥ වී.කේ.නිරන්ජන් මහතා විසින් වැඩිදුරටත් පෙන්වා දී සිටියේ සමූහ මිණීවලෙන් ගොඩගත් ඇටසැකිලිවල කාල නිර්ණයක් තිබුනද සිරුරු මියයාමට හේතුව කුමක්ද යන්න එම වාර්ථාවේ සටහන්ව නොතිබුණු බවටය.

2023 වසරේ කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජලනල ඒලමින් සිටි සේවකයින් පිරිසකට ඇඳුම් තොගයක් හා ඇටසැකිලි කොටස් කිහිපයක් පොළවෙන් මතුවීම හේතුවෙන් මෙම ස්ථානයේ වැඩිදුර කැනීම සිදුකරන ලදි.

ඒහිදී අදියර කිහිපයකදී මේ දක්වා සිදුකරන ලද කැනීම් වලදී මළසිරුරු 40 කට අයත් අස්ථි කොටස් හමු වී ඇති අතර අදාල සිරුරු කොටස් මුලතිව් මහරෝහලේ ආරක්ෂිතව තැන්පත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

Shiran Viraj