26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

උද්දමනය පහල බහී.. අලුත්ම වාර්තාව මෙන්න..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 පෙබරවාරි මාසය සඳහා 5.9% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ජනවාරි මාසය සඳහා 6.4% ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජනවාරි මාසයේ දී එය වාර්තා වුයේ 3.3 % ක් ලෙසයි.

එමෙන්ම, 2024 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 7.0% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජනවාරි මාසයේ දී 7.9 % ක් ලෙස වාර්තා විය.

Related posts

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Shiran Viraj

ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..

Shiran Viraj

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

Shiran Viraj