26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

ලබන වසරේත් රටේ තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බවත් ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ නිසා වසර දෙකකට පසු සංවර්ධනය සදහා ලබා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවමට දායකවන්නැයි ද ජනාධිපතිවරයා ඉල්ලා සිටී.

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ද පිළිබද අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට හදිසියේ සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

රැස්වීම සංවිධානය කර තිබුණේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

මෙම රැස්වීම සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දිස්‍ර්තික් නායකයන් තිදෙනාම සහභාගී වීම විශේෂත්වයකි.

රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා හැර ආණ්ඩුව නියෝජනය කරන හා ආණ්ඩුවට සහාය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වී සිටියහ. සිසිර ජයකොඩි, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරු විදෙස්ගතව සිටින නිසා මෙම රැස්වීමට සහභාගීවූයේ නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේද කීවේය,

“1978 දී තමයි මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත දෙන්න පටන් ගත්තේ. එතකොට මන්ත්‍රීවරයෙකුට වැඩකටයුතු කරන්න ලැබුනේ රුපියල් ලක්ෂ තුනයි. ගමක් දියුණු කරන්න මුදල් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වැඩකටයුතු තමන්ගේ ප්‍රදේශයේ ආරම්භ කරන්න. මෙහි එකම පරමාර්ථය තමයි ප්‍රාදේශීය මට්ටමින් ගමට යන එක. එදා යන්න බැරි වුනානම් දැන් හොද අවස්ථාවක් ගමට ගිහින් වැඩ කරන්න. කවුරුවත් ගමෙන් ඈත් වෙලා ඉන්න එපා. ගම්පහ ඕනෑම තැනකට යන්න පුළුවන් කාටවත් යන්න බැරි තැනක් නෑ. මුදල් අරගෙන වියදම් කරන්න. අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේ මුදල් දෙන්නම්. එන අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි. ආණ්ඩුව නැති වෙන්නේ ගමට නොගියොත් තමයි.

ගම්පහ දිස්ත්‍රික්කය අපි ඇති කළේ 1970 වසරේ. එදා ඉදන් කොයි ආණ්ඩුව තිබුණත් විශාල දියුණුවක් ගම්පහට ලැබුණා. අද වැඩිම ජනගහනය ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සිග්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. ඒක කලේ 1978 ඉදන් බලයට පත් වූ ආණ්ඩු හා ආණ්ඩු පාලනය කළ පක්ෂයි. ඒකෙන් ඈත් වෙලා හිටපු මිනිස්සු මුකුත් කළේ නෑ. ඈත් වෙලා හිටපු මිනිස්සු ගම්පහ හැදුවේ නෑ. එහෙම නොවුණානම් අද පොල් රබර් විතරයි තියෙන්නේ. ඒකත් ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ. සම්බන්ධ වුනේ නැත්නම් මොනවද කළේ. ගම්පහ හදලා තියෙන්නේ මේ පක්ෂ දෙක බැහැලා වැඩ කරපු නිසයි. ඒක කාටත් කියන්න. පක්ෂ දෙකක් එකතු වෙලා කරපු වැඩ කටයුතු වලට හොඳම උදාහරණය තමයි ගම්පහ. අනෙක් අය කියනවා නම් මුකුත් කළේ නෑ කියලා ගම්පහ ඇවිල්ලා බලන්න කියන්න.” යනුවෙන්ද පැවසීය.

– Repoter

Related posts

සහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..

Shiran Viraj

දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න

Shiran Viraj

ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…

Shiran Viraj