29.5 C
Colombo
March 30, 2026
NewsPolitical

JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රි

2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිධූර නොගත්තද බොහෝ කටයුතුවලදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහයෝගය ලබා දුන් බවද හෙතෙම පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලැබිය හැකි වැඩපිළිවෙලක් දැනටමත් සකස්කර අවසන් බවත් පැවසූ ඔහු තවත් දින කිහිපයකින් රටේ වැදගත් දේශපාලන පක්ෂ හා එක්ව නව දේශපාලන සන්ධානයක් බිහි කරන බවද තවදුරටත් එහිදී පැවසුවේය.

Related posts

රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

Shiran Viraj

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයිද?

Shiran Viraj

මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..

Shiran Viraj