31.1 C
Colombo
June 9, 2025
Local News News

අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (13) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා වන අනුර කුමාර දිසානායක මහතා ගේ ඉදිරි කැනඩා සංචාරයට සුබපැතීමටද මහකොමසාරිස්වරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

– Media unit

Related posts

අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.

Shiran Viraj

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Shiran Viraj

ජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..

Shiran Viraj