February 1, 2026
Local NewsNews

සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් අවුරුදු සහන මල්ලක් මිල දි ගැනිමට (02) දින සිට පාරිභෝගිකයන්ට අවස්තාව සලසා දි ඇත.

රු 4500 ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් ඇතුලත් ආහාර මල්ල රු 3420 ක සිල්ලර මිලකට මිල දි ගැනිමට පාරිභෝගිකයන්ට අවස්තාව ලබා දි ඇත.

එම අවුරුදු සහන මල්ලේ ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් , ග්‍රැම් 400 නුඩ්ලස් පැකට්ටුවක්, ග්‍රැම් 100 තේ කුඩු පැකට්ටුවක් , ග්‍රැම් 500 බිස්කට් පැකට්ටුවක් , ග්‍රැම් 700 ඉදි ආප්ප පිටි පැකට්ටුවක් , මිලිලිටර් 350 විනාකිරි බෝතලයක් , සෝයාමිට් පැකට්ටුවක් , පරිප්පු ග්‍රැම් 500 , සිදු සහල් කිලෝ දෙකක් , පපඩම් පැකට්ටුවක් , සැමන් ටින් එකක් ඇතුලත් වෙයි.

මේ අතර සතොස බිත්තරයක් (02) දින සිට රු 36 ක සිල්ලර මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට පියවර ගෙන ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේ

Shiran Viraj

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයි

Shiran Viraj

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

Shiran Viraj