32.8 C
Colombo
March 31, 2026
NewsPolitical

ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…

ගාසා තිරයට අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර නොනවත්වන්නේ නම් ඊශ‍්‍රායලය සමඟ රාජතාන්ත්‍රික සබදතා අතහැරීමට සලකා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි.

ඔවුන් එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස ඉල්ලා සිටින ලෙසත් එසේ නොකළහොත් අවසාන පියවර ලෙස සබඳතා නතර කරන බව දන්වා සිටින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඊට දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය ඇමති තාරක බාලසූරිය මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ නොබැඳි විදේශ පිළිවෙතක් පවත්වාගෙන බවය. නමුත් පලස්තීනය අතහැර දමන ලද බවක් එයින් අදහස් නොකරන බවද ඔහු පැවසීය.

Related posts

ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…

Shiran Viraj

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්

Shiran Viraj

දේශබන්දුට මං විරුද්ද වුනා..

Shiran Viraj